ගල්ෆ් කලාපයේදී ඛනිජ තෙල් නෞකාවලට එල්ලවූ ප්‍රහාර පිටුපස ඉරානය සිටින බවට චෝදනා

16

ඕමාන් ගල්ෆ් කලාපයේදී පසුගියදා ඛනිජ තෙල් නෞකාවලට එල්ලවූ ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බවට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුවන මොහොමඞ් බින් සල්මාන් චෝදනා කරනවා.

ඉරානයෙන් තමන්ගේ රාජ්‍යයට එල්ලවිය හැකි තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමට කිසිවිටෙක පසුබට නොවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
ඛණිජතෙල් රැගත් නෞකා දෙකක් පුපුරුවා හැරුණේ පසුගිය බ්‍රහස්පතින්දායි.

කෙසේ වෙතත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ කිසිදු පදනමකින් තොර චෝදනා තම රාජ්‍ය වෙත එල්ල වෙමින් තිබෙන බවයි.

පසුගියදා ප්‍රහාරයට ලක්වූ තෙල් නෞකා දෙක සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය විශේෂ පරික්ෂණ කණ්ඩායමක්ද යොමු කර තිබෙනවා.

Your Comments