ගබ්සා වෛද්‍යවරයකුගේ ඉඩමක බිළිඳු මලසිරුරු කොටස් දෙදහසක්

73

අමෙරිකානු වෛද්‍යවරයකුගේ ඉඩමක තිබූ බිළිඳු මලසිරුරු කොටස් 2,246ක් සොයා ගෙන තිබෙනවා.

මේ මස 03 වනදා එම වෛද්‍යවරයා මිය යාමෙන් පසුව ඔහුගේ දේපල පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී මලසිරුරු කොටස් සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල දැක්වෙන්නේ.

එම කොටස් ඖෂධ බහා ආරක්ෂිතව තබා තිබූ බව ද සඳහන්.

වසර ගණනාවක් තිස්සේ ස්ථාන කිහිපයක ඔහු නීති විරෝධී ගබ්සාවන් සිදු කර තිබෙන අතර ඒ හේතුවෙන් 2015 වසරේදී ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කිරීමටයි අමෙරිකානු බලධාරීන් පියවර ගත්තේ.

Your Comments