කොවිඩ් 19 පැතිර ගිය වුහාන් නගරයේ ප්‍රධාන පෙලේ රෝහලක අධ්‍යක්ෂවරයාටත් වෛසරය අසාදනයෙන් මරුට

34

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පැතිර ගිය වුහාන් නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ රෝහලක අධ්‍යක්ෂවරයා එම වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
චීන රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේ වුහාන් හි පිහිටි වූ-චැන්ග් රෝහලේ අධ්‍යක්ෂවරයා මෙලෙස අද මිය ගොස් ඇති බවයි.
එම වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කරමින් සිටියදී මිය ගිය දෙවන වෛද්‍යවරයා ද මොහු වනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ කොවිඞ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර සිදුකරන සෞඛ්‍ය සේවකයින් 6 දෙනෙකු මියගොස් ඇති අතර, 1716 දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවයි.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 1873 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Your Comments