කොවිඩ්-19 ආසාදිතයින් සමග සමීප සබඳතා පැවැත්වූවන් හඳුනාගැනීමට අද සිට බ්‍රිතාන්‍යයේ නව ක්‍රමවේදයක්

25

කෝවිඞ් 19 වෛරස ආසාදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් හඳුනා ගැනීමේ නව ක්‍රමවේදයක් අද සිට ක්‍රියාත්මක බව බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා.
මෙම නව ක්‍රමවේදය ජනතාවගේ ජීවිත වෙනස් මගකට යොමු කිරිමට සමත්වනු ඇති බවයි විශ්වාසය පළ කරන්නේ.
වෛරසය ආසාදනය වූවන්ගේ පවුලේ සාමාජිකයින්, සමීපතමයින් පිළිබඳ තොරතුරු ජාල ගත කෙරෙන අතර ඔවුන් ගමන් කරන ස්ථාන සමීපව නිරීක්ෂණය කිරීමට නව ක්‍රමවේදය යටතේ පහසුකම් සලසා තිබෙනවා.
මේ හේතුවෙන් වෛරසය ව්‍යාප්ත වීම සියයට 5 සිට සියයට 15 දක්වා ප්‍රමාණයකින් අඩුවිය හැකි බවටයි විද්‍යාඥයින් විශ්වාසය පළකරන්නේ.

Your Comments