කොවිඩ් 19ට එරෙහි සටනට අවශ්‍ය මුල්‍ය සම්පත් සහ ලැබෙන ආධාර අතර විශාල පරතරයක්

14

කෝවිඩ් වෛරසයට එරෙහිව සටන් වැදීමේදී ඒ සඳහා අවශ්‍යවන මූල්‍ය සම්පත් සහ ලැබෙන ආධාර ප්‍රමාණය අතර විශාල පරතරයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ග්‍රේබ්‍රියේසස් මේ බව සඳහන් කළේ ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
වෛරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා පමණක් ඩොලර් බිලියන සියයක් පමණ අවශ්‍ය වන බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.
ලොව පුරා වාර්තාවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට කෝටි 02 ඉක්මවා ගොස් තිබෙනවා.

Your Comments