කොවිඩ් ගැන තවත් හෙළිදරව්වක්

22

කොවිඞ් වෛරසය ආසාදිත පුද්ගලයෙකු සුවය ලැබිමෙන් පසු මාස 06 ක් යන තෙක් යළි වෛරසය ආසාදනය වීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතින බව අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ පර්යේෂකයින් සිදුකළ මෙම අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ කෝවිඞ් මැඩ පැවැත්වීමේ ක්‍රියාවලියේ මුල් පෙල සිටින සෞඛ්‍ය සේවකයින් පිරිසක්.

එම සරසවියේ ජනගහන සෞඛ්‍ය පිළිබඳ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඬේවිඞ් අයර් සදහන් කර ඇත්තේ කෙටි කාලීනව හෝ වෛරසය ආසාදිත පුද්ගලයෙකුට දෙවතාවක් කොරෝනා ආසාදනය ඉතා අවම මට්ටමක පවතින බවයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් තුළ ප්‍රතිශක්තිය කෙටි කාලයක් තුළ දුර්වලවීමේ සිද්ධීන් ද අඩු ප්‍රවනතාවයකින් වාර්තා වු බවයි අධ්‍යනයෙන් දක්වා ඇත්තේ.

Your Comments