කොවිඞ් නයින්ටීන් වයිරසයෙන් මිය ගිය ගණන 1873ක් ඉක්මවයි

7

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව මේ වන විට 1,873 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනූව නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇති පුද්ගලයින් ගණන 73,335 ක්.
චීනයේ සෞඛ්‍ය කොමිසම පවසන්නේ කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව අවම වශයෙන් 1,868 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේ පමණක් තවත් මරණ 93 ක් වාර්තා වී ඇති බවයි.
චීන රජය විසින් තවත් නව ආසාදිතයින් 1,886 ක් වාර්තා කර ඇති අතර මේ වන විට ආසාදිතයින් සංඛ්‍යාව අවම වශයෙන් 72,436 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මේ අතර කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගැවසුණු ස්ථාන ප්‍රසිද්ධ කිරීමට දකුණු කොරියාව පියවර ගෙන ඇති බව සදහන්.
වෛරසය ආසාදනය වූ පිරිස් සමඟ සබඳතා පැවැත්වූ පිරිස් සිටීනම් ඔවුන්ට ඒ පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමට හැකිවීම මෙහි අපේක්ෂාවයි.
මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වනවිටත් තහවුරු වී ඇති දකුණු කොරියානුවන් සංඛ්‍යාව 29 ක්.

Your Comments