කොවැක්ස් එන්නත ගැන භාරත් බයෝටෙක් අනතුරු අගවයි

36

භාරත් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදනය කළ කොවැක්ස් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව එම සමාගම පවසනවා.

 

දුර්වල ප්‍රතිශක්තිකරණයක් සහ ආසාත්මිකතාව, උණ හෝ රුධිර ගැලීම් වැනි වෙනත් රෝගවලින් පීඩාවිඳින පුද්ගලයින්, ඒ පිළිබදව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

එන්නතෙහි සාර්ථකත්වය පිළිබඳ දත්ත ලැබීමට ප්‍රථම ව ඉන්දීය රජය විසින් භාරත් බයෝටෙක් සමාගම නිෂ්පාදනය කළ එන්නත ජනතාවට ලබාදීමට අවසරදීම හේතුවෙන් සමාගම මේ වනවිට දැඩි මතභේදයට ලක්ව තිබෙනවා

පසුගිය දින තුන තුළ විශාල පිරිසකට එම එන්නත ලබාදී ඇති අතර ඇතැම් පුද්ගලයින්ට විවිධ ආසාත්මිකතා මතුව ඇති බවයි සමාගම පවසන්නේ.

ඉන්දියාවේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සැලකෙන්නේ ලෝකයේ විශාලතම කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ලෙසින්.

එම එන්නත්කරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ භාරත් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදනය කළ කොවැක්ස් එන්නත ලබාදෙනවා.

නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක රෝහල්වල වෛද්‍යවරුන් ‍කොවැක්ස්‍ එන්නත ලබාදීමට මැළිකමක් දක්වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කලා.

Your Comments