කොරෝනා වෛරසයෙන් චීනය පැනවූ සංචාරක තහනම තවදුරටත් දීර්ඝ වෙයි

32

චීනයේ කොරෝනා වෛරසය පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ලූනා නව වසර වෙනුවෙන් ලබාදී තිබූ නිවාඩු කාලයද දීර්ඝ කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇති බවයි.
කොරෝනා වෛසරය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාවද 2,700 ඉක්මවන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
පවතින තත්ත්වය හමුවේ චීනයේ පැවැත්විමට නියමිතව තිබූ ජාත්‍යන්තර තරග දෙකක සත්කාරකත්වය චීනයට අහිමිවී ඇති බව ද සඳහන්.
මාර්තු මස 13 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා තරගය සහ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත වූ ආසියානු ගෘහස්ථ මළල ක්‍රීඩා තරගයේ සත්කාරකත්වයයි මෙලෙස චීනයට අහිමි වන්නේ.

Your Comments