කොරෝනා මර්දන ඕනෑම එන්නතක් බෙල්ජියම් වැසියන්ට නොමිලේ

24

කොරෝනා වෛරසය මර්ධනය කිරීමට සොයා ගන්නා ඕනෑම එන්නතක් තම රටේ ජනතාවට නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව බෙල්ජියම ප්‍රකාශ කළා.

එරට ජනගහණය මිලියන 11.5 ක් වන අතර, මේ වන විට එරටින් වාර්තා වී ඇති කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව පන් ලක්ෂ 40 දහසක්.

බෙල්ජියමේ සෞඛ්‍ය අමාත්‍ය ෆ්‍රෑන්ක් වැන්ඩබෲකේ ප්‍රකාශ කළේ සමාජ විද්‍යාත්මක විමර්ශනයකින් අනතුරුව එන්නත ලබා දීමේ ප්‍රමුඛතාව තීරණය කර සෑම පුරවැසියෙකුටම එය ලබා දීමට කටයුතු කරන බවයි.

ඔහු මේ බව සඳහන් කළේ යුරෝපීය අන්තර් අමාත්‍ය සෞඛ්‍ය සමුළුවක් අමතමින්.

මේ වන විට එරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව 14 දකසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Your Comments