කොරෝනා මර්දනයට චීනය නිපදවූ එන්නතකුත් සාර්ථක ලක්ෂණ පෙන්නුම් කරයි

15

කොරෝනා මර්දනයට චීනය නිපදවන ලද එන්නතක් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පුද්ගලයන් 700 කට ආසන්න පිරිසක් යොදාගනිමින් සිදුකල අත්හදා බැලීම්වලදී ක්ෂණික ප්‍රතිශක්තීකරණයක් නිරීක්ෂණය වූ බවයි විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ.

කොවිඞ් වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් රැසක අත්හදා බැලීම් මේ වනවිට සිදුවනවා.

අමෙරිකාව, ජර්මනිය සහ රුසියාව විසින් අත්හදා බලන එන්නත් 03 ක් සියයට 90 කට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

Your Comments