කොරෝනා නිසා හුබෙයි පළාතෙන් තවත් මරණ 242ක්

13

නව කොරෝනා හෙවත් කෝවිඩ් නයින්ටීන් වෛරස හේතුවෙන් ඊයේ දිනයේ දී චීනයේ හුබෙයි පලාතෙන් පුද්ගල මරණ 242ක් ඊයේ(12) දිනය තුළ වාර්තා වී තිබෙනවා.
වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් අනතුරුව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවූ දිනය ලෙසයි එය සැලකෙන්නේ.
එමෙන්ම වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 14, 840ක් ද ඊයේ දිනයේ දී වාර්තා වී ඇති බව සඳහන්.
ඒ අනුව මේ වන විට නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මිය ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1369ක් පමණ වනවා.
තවත් 60,328 කට පමණ වෛරසය වැලදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

රෝගය වැළඳී ඇති බව සැකකරන පිරිස 16,067 දක්වා ඉහළ ගොස් ඇති අතර රෝගය වැළඳී ඇති පිරිසෙන් පුද්ගලයන් 8,204 දෙනෙකු පමණ බරපතල තත්ත්වයේ පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෝවිඩ් 19 රෝගය වැළඳුණු පුද්ගලයන්ගෙන් 6,028 දෙනෙකු සුවය ලබා ඇති බවද විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
චීනයේ පමණක් රෝගීන් 59,805 දෙනෙකු වාර්තා වන අතර චීනයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාවෙන් 1367ක්.
අනතුරුව වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ජපානය ආසන්නයේ නැංගුරම් දා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙනි. එහි සිටින රෝගීන් සංඛ්‍යාව 174කි.
හොංකොංවලින් රෝගීන් 50ක් වාර්තා වන අතර එක් අයෙකු මියගොස් තවත් අයෙකු සුවය ලබා තිබෙනවා.
සිංගප්පූරුවෙන්ද රෝගීන් 50ක් වාර්තා වන අතර සුවය ලැබූ පිරිස 15ක්.
තායිලන්තයෙන් රෝගීන් 33 දෙනෙක්ද ජපානයෙන් රෝගීන් 29 දෙනෙක්ද වාර්තා වනවා. එම රටවල්වලදී රෝගය වැළඳී පුද්ගලයන් දස දෙනා බැගින් සුවය ලබා ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
දකුණු කොරියාවෙන් රෝගීන් 28 දෙනෙක්ද මැලේසියාවෙන් රෝගීන් 18 දෙනෙක්ද වාර්තා වනවා.
මේ අතර තායිවානයෙන් රෝගීන් 18 දෙනෙක්ද ජර්මනියෙන් රෝගීන් 16 දෙනෙක්ද ඕස්ට්‍රේලියාවෙන් රෝගීන් 15 දෙනෙකුද වියට්නාමයෙන් රෝගීන් 15 දෙනෙකුද එක්සත් ජනපදයෙන් රෝගීන් 14 දෙනෙක්ද ප්‍රංශයෙන් රෝගීන් 11 දෙනෙක් සහ මැකෝව් හිදී රෝගීන් 10 දෙනෙකුද වාර්තා වනවා.
එක්සත් ජනපදයෙන් රෝගීන් 9 දෙනෙක් වාර්තා වන අතර රෝගීන් 8 දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් වාර්තා වනවා.
කැනඩාවෙන් රෝගීන් 7 දෙනෙකු වාර්තා වන අතර ඉන්දියාව, ඉතාලිය සහ පිලිපීනයෙන් රෝගීන් තුන් දෙනා බැගින් වාර්තා වනවා.
රුසියාවෙන් සහ ස්පාඤ්ඤයෙන් රෝගීන් දෙදෙනකු බැගින් වාර්තා වන අතර බෙල්ජිමෙන් එක් රෝගියකු වාර්තා වනවා.
කාම්බෝජය, ෆින්ලන්තය, නේපාලය, ශ්‍රී ලංකාව සහ ස්වීඩනයෙන් එක් රෝගියෙකු බැගින් වාර්තා වන අතර මේ වන විට ඔවුන් සුවය ලබා ඇති බවද වාර්තා වනවා.

Your Comments