කොරෝනා දෙවැනි රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

22

කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
රටවල් වසා දැමීමට ගෙන ඇති තීරණ ලිහිල් කිරීමත් සමඟ මෙම අවධානම ඇති වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
ඒ අනුව විශේෂයෙන් යුරෝපීය රටවල් සහ ඇමෙරිකාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු විය යුතු බවත්, ඔවුන් කොරෝනා රෝගයට සම්බන්ධ පරීක්ෂණ තව දුරටත් සිදු කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.
මේ අතර, ලොව පුරා කොරෝනා ආසාධිත රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 55,91,661 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මියගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3,47,944ක්.
සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 23,67,961 ක් බව ද සඳහන්.
වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන අමෙරිකාවේ මේ වන විට සමස්ත කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 17,06,226 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට තුළ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 99, 805ක්.

Your Comments