කොරෝනා, ගැහැණු දරුවන් එක්කෝටි දස ලක්ෂයක අධ්‍යාපනය අහිමි කරයි

14

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය නිසා ලොව පුරා පනවා ඇති සීමාවන් ඉවත් කළ ද එක්කෝටි දස ලක්ෂය ඉක්මවූ ගැහැණු දරුවන් නැවතත් පාසල් වෙත නොපැමිණෙනු ඇතැයි යුනෙස්කෝ සංවිධානය පවසනවා.

කොංගෝ ජන රජයේ චාරිකාවක නිරතවෙමින් එම සංවිධානයේ ප්‍රධානී ඕද්‍ර ඇෂොලේ මේ බව සඳහන් කර තිබෙනවා.

කොරෝනා වසංගතයත් සමඟ රටවල් රැසක පාසල් වැසීයාමේ අවධානමක් මේ වන විට පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ලොව පුරා අධ්‍යාපනයේ අවස්ථා සමාන නොවීම හේතුවෙන් ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් හිමිවන්නේ නැහැ.

ඒ හේතුවෙන් ලොව පුරා එක්කෝටි දස ලක්ෂය ඉක්මවූ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය අහිමිවනු ඇති බවයි යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Your Comments