කොරෝනා ගැන තවත් අනාවරණයක්

46

කොරෝනා වෛරසය මිනිස් සම මත පැය 9ක පමණ කාලයක් රැඳී පැවතිය හැකි බවට ජපාන පර්යේෂකයන් පිරිසක් අනාවරණ කරගෙන තිබෙනවා.

ජපාන පර්යේෂකයන්ගේ මෙම සොයා ගැනීම වසංගත රෝග පිළිබඳ අධ්‍යයන සටහන් අතරට එක්වීම ද විශේෂත්වයක්.

එමගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය ද තහවුරු වන බවයි පර්යේෂකයින් පවසන්නේ.

අදාළ පරීක්ෂණයට අනුව සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වන රෝග කාරක බීජ සම මත රැදී පවතින්නේ පැය 2කට අඩු කාලයක්.

කොරෝනා වෛරසය මැඬපැවැත්වීම සඳහා නිරන්තරයෙන් දෑත් සේදීම සහ විෂබීජානුහරණය වැදගත් වන බව ද අදාළ පර්යේෂණයෙන් පෙන්වා දෙනවා.

ජපාන පර්යේෂකයන් වැඩිදුරටත් සඳහන් කළේ සෙම්ප්‍රතිශ්‍යා වෛරසය මෙන්ම කොරෝනා වෛරසය ද එතනෝල් සහිත විෂබීජනාශකයක් භාවිතයෙන් තත්ත්පර 15ක් තුළ විනාශයට පත්වන බවයි.

 

Your Comments