කොරෝනාවට එරෙහි ක්වැක්ස් එන්නතට රටවල් 184ක දායකත්වය

60

කොරෝනා වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය නිෂ්පාදනය කිරීමට යෝජිත ක්වැක්ස් එන්නතට රටවල් 184 ක දායකත්වය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වන විට වෛරසයට එරෙහිව අත්හදා බැලෙන සාර්ථකම එන්නත නිෂ්පාදනය හා බෙදා හැරීම ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානය භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ක්වැක්ස් කණ්ඩායමේ සාමාජික රටවල් 184 මගින් ලබා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඞ්රෝස් ඇඩ්හ්නෝම් ප්‍රකාශ කලා.

ලොව ධනවත්ම හා අන්ත දුගීභාවයට මුහුණ දී ඇති රටවල් වෙත ඉතාමත් සාධාරණ අයුරින් එන්නත බෙදා හැරීම තම අරමුණ බවයි ඔහු තවදුරටත් සදහන් කරන්නේ.

වෛරසයට එරෙහිව නිෂ්පාදනය කෙරෙන එන්නතේ ඒකක බිලියන 2 ක් 2021 වසර වන විට ලොව පුරා රටවල් 170 කට බෙදා හැරීමට හැකියාව පවතින බවයි යුනිසෙෆ් සංවිධානය නිවේදනය කලේ.

Your Comments