කේරළ ප්‍රාන්තයේ ආපදාවලින් මියගිය ගණන 67 දක්වා ඉහළට

24

ඉන්දීය කේරල ප්‍රාන්තයට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 67 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 25 ක්.
ගංවතුර හමුවේ පුද්ගලයන් 60,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර සංචාරකයන් අතර ප්‍රචලිත ඉඩුක්කි දිස්ත්‍රික්කයේ මුන්නාර් නැමති ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ප්‍රාන්ත රජය සංචාරකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ ප්‍රාන්තයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ශතවර්ෂයකට පසුව කේරල ප්‍රාන්තයට බලපෑ දරුණුම මෝසම් සමය මෙය බව සදහන්.
ප්‍රාන්තයේ ජලාශ 39 න් 35 ක්ම මේ වනවිට විවෘත කර ඇති අතර පාසල් රැසකට අද නිවාඩු ලබා දී තිබෙනවා.

Your Comments