කුමාර් සානුටත් කොරෝනා

11

ඉන්දීය ප්‍රවීන ගායක කුමාර් සානු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වන්නේ සිදුකළ PCR පරීක්ෂණයකදී කුමාර් සානු හට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

කෙසේවෙතත් අදාළ සටහනේ දැක්වෙන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි.

කුමාර් සානු දශක තුනකට අධික කාලයක් බොලිව්ඩ් සිනමා පට රැසක පසුබිම් ගායනයෙන් දායක වී තිබෙනවා.

කුමාර් සානු මේ වනවිට 62 හැවිරිදි වියේ පසුවනවා.

Your Comments