කිම් ජොං උන්ගේ පෞද්ගලික දුරකථන අංකය ට්‍රම්ප්ට හමුවෙයි

35

උතුරු කොරියානු නායක කිම් ජොං උන් සිය පෞද්ගිලක දුරකථන අංකය තමා වෙත ලබාදුන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.

පසුගිය සතියේ සිංගප්පූරුවේ පැවති සාකච්ඡාවේදී එය ලබාදුන් බවයි අමෙරිකානු ජනාධිපතිරයා සඳහන් කරන්නේ.

ෆොක්ස් නිව්ස් රූපවාහිනී සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඕනෑම අවස්ථාවක තමා අමතන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං උන් පැවසූ බවයි.

ඒ අනුව හෙට දිනයේදී තමන් ඔහුව ඇමතීමට අදහස් කරමින් සිටින බව ද අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශකර තිබෙනවා.

Your Comments