කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට යළි ඇඳිරිනීතිය

11

කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට යළි ඇඳිරිනීතිය පැනවීමට ඉන්දියාව තීරණය කළා.

ආරක්ෂක අංශ හා ආගමික කණ්ඩායම් අතර ගැටුම් හටගැනීමයි ඊට හේතුව බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

ඉන් පුද්ගලයන් 18 දෙනෙක් තුවාල ලැබුවා.

ඒ අතර සෙබළුන් හය දෙනෙක් වනවා.

කළහකාරි ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරිම සඳහා ආරක්ෂක අංශ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ගැටුම් ව්‍යාප්ත වූ ප්‍රදේශවල ඇඳිරිනීතිය පනවන බවයි ඉන්දීය බලධාරින් පවසන්නේ.

එය ඉන්දියාව හා පාකිස්ථානය අතර මතභේද උත්සන්න වීමටත් හේතු වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Your Comments