කාබුල් බෝම්බ ප්‍රහාරයකින් 24ක් මරුට

7

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට උපකාරක පන්ති පවත්වන මධ්‍යස්ථානයකයි පිපිරුම සිදුව ඇත්තේ.

ප්‍රහාරයේ වගකීම අයි එස් සටන්කාමීන් විසින් භාරගෙන ඇති නමුත් එය තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Your Comments