කාන්තා විද්‍යාලයකට ඇතුළු වූ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් සිසුවියන් 34කට තුවාල

8

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කාන්තා විද්‍යාලයකට ඇතුළු වූ  පිරිසක් සිදු කළ පහරදීමක් හේතුවෙන් ශිෂ්‍යාවන් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පාසලේ ශිෂ්‍යාවන් පිරිසකට හිරිහැර කිරීමට උත්සාය කළ තරුණයන් පිරිසකට ගුරුවරුන් සහ වැඩිහිටියන් උපදෙස් ලබාදීමට කටයුතු කළ අවස්ථාවේදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාව තුළ වැඩි වශයෙන් කාන්තා හිංසන සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිද්ධීන් වාර්තා වන බව සඳහන්.

Your Comments