කළු ජාතිකයෙකුට වෙඩි – අමෙරිකාව නොසන්සුන්

22

කළු ජාතිකයෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් මුල් කරනිමින් අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එරට ආරක්ෂක අංශ පවසන්නේ එම සිද්ධියෙන් පසු දහස් ගණන් පිරිස් නගරයේ ව්‍යාපාරික ස්ථාන කොල්ලකමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවයි.

27 හැවිරිදි වෝලටර් වොලස් නම් පුද්ගලයෙකු අතැති පිහියක් බිම දමන ලෙස පොලීසිය කළ නියෝගයට අවනත නොවීම හේතුවෙන් ඔහුට වෙඩි තැබූ බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

කෙසේ වෙතත් ඔහුගේ ඥාතින් පවසන්නේ ඔහු මානසික ආබාධයකින් පෙළුණ අයෙකු බවයි.

මේ අතර ව්‍යාපාරික ස්ථාන කොල්ලකෑම සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති ප්‍රදේශවල ජනතාවට සිය නිවෙස්වලට වී සිටින ලෙස ආරක්ෂක අංශ දැනුම් දී ඇතැයි බීබීසී පුවත් සේවය පවසනවා.

Your Comments