ඕස්ට්‍රේලියා – නවසීලන්ත දේශසිමා තහංචි අවසන්

3

අප්‍රේල් 19 වනදායින් පසු ඕස්ට්‍රේලියානුවන්ට නිරෝධායනය වීමකින් තොරව සිදු කරන සංචාර සදහා අවසර ලබා දීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.

 

එරට අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩර් ප්‍රකාශ කලේ කොරෝනා ව්‍යාප්තියේ අඩු වීමක් දක්නට ලැබෙන බැවින් මෙම පියවර ගත් බවයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග නවසීලන්තය සංචරන සීමා පැන වූ අතර ඒ යටතේ විදෙස් සංචාරකයින්ට එරටට ඇතුලු විමට අවසර හිමි වුණේ නැහැ.

ඒ අනුව ලබන 19 වනදා සිට ඕස්ට්‍රේලියානුවන්ට නවසීලන්ත සංචාර සදහා අවසර හිමි වනු ඇති.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව විසින් නවසීන්ත සංචාරකයින්ට පැන වූ තාවකාලික තහනම තව දුරටත් ක්‍රියාත්මකයි.

 

Your Comments