ඔස්කාර් සම්මානලාභී අමෙරිකානු නළු ජෙෆ් බ්‍රිජ්ස් ලිට්ෆොමා රෝගයෙන් පෙළෙන බවට වාර්තා

22

ඔස්කාර් සම්මානලාභී අමෙරිකානු නළු ජෙෆ් බ්‍රිජ්ස් ලිට්ෆොමා රෝගයෙන් පෙලෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

ලිට්ෆොමා යනු ශරීරයේ විෂබිජ පාලන ජාලයේ කොටසක් වන වසා පද්ධතියට ගැටලු ඇති කරවන පිළිකාවක්.

ටුවිටර් හි සටහනක් තබමින් අමෙරිකානු නළු ජෙෆ් බ්‍රිජ්ස් පවසන්නේ තමා බරපතල රෝගී තත්වයකින් පෙලෙන බව වටහා ගෙන ඒ සදහා ප්‍රතිකාර ගැනීම ආරම්භ කළ බවයි.

ජෙෆ් බ්‍රිජ්ස් මේ වන විට 70 වන වියේහි පසු වන අතර ඔහු හොඳම නළුවාට හිමි ඇමෙරිකානු ඇකඩමි සම්මානය හිමිකර ගත්තේ ක්‍රේසි හාට් චිත්‍රපටය වෙනුවෙන් 2010 වසරේදීයි.

Your Comments