ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් එන්නතෙන් වැඩිහිටියන්ට බලාපොරොත්තුවක්

9

ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත වැඩිහිටි ප්‍රජාව අතර සාර්ථක ප්‍රතිශක්තීකරණ මට්ටම් පෙන්වා ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ නිවේදනය කළා.

ඒ අනුව වෛරසයෙන් ඉහළ අවදානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනිම සදහා එම එන්නතට හැකි වනු ඇති බවයි බි්‍රතාන්‍ය සෞඛ්‍ය අංශ විශ්වාසය පල කර ඇත්තේ.

පර්යේෂකයන් පවසන්නේ වැඩිහිටියන් 560 දෙනෙකු යොදාගෙන සිදුකළ දෙවැනි පෙළ අත්හදාබැලීමේ ඉහළ ප්‍රතිඵල පෙන්වා ඇති බවයි.

එමෙන්ම මිනිස් සිරැර තුළ කෝවිඞ් 19 වෛරසය වර්ධනය වීම නවතාලිය හැකිදැයි යන්න තෙවැනි පෙළ සායනික අත්හදා බැලීම් වලදී හදුනා ගැනීමට නියමිතයි.

ඒ වෙනුවෙන් සිදු කළ සායනික සාම්පල වල ප්‍රතිඵල එළඹෙන සතිය තුළ නිකුත් කල හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ.

Your Comments