ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා සැපයුම අඩාල විය හැකි බවට අනතුරු

20

බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිපද වන කොරෝනා එන්නතේ සැපයුම අඩාල විය හැකි බවට එම සමාගම අනතුරු අගවා තිබෙනවා.

 

ඒ, එන්නත් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් බවටයි එම සමාගම ප්‍රකාශ කළේ.

බි‍්‍රතාන්‍යය පුරා මේ වන විටත් මෙම එන්නත භාවිතයට ගැනු ලැබුව ද යුරෝපා සංගමය තවමත් එය භාවිතය සදහා අනුමත කර නැහැ.

කෙසේ වෙතත් ජනවාරි 29 වන විට ඒ පිළිබදව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයට ප්‍රකාශ කර ඇත්තේ සැපයුම සීමිත බැවින් ප්‍රමාද නොවී එන්නත භාවිතය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසයි.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයින් නව කෝටි 87 ලක්ෂ 7 681ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 21 ලක්ෂ 41 දහස් 578ක්.

Your Comments