එළිසබත් සහ පිල්ප් යුවලටත් කොරෝනා එන්නත

18

දෙවැනි එලිසබෙත් රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයාට කොරෝනා මර්ධන එන්නත ලබා දී ඇති බව බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

වින්ඩ්සර් කාසල් හි ගෘහස්ථ වෛද්‍යවරයකු විසින් මෙම එන්නත් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

වැරදි තොරතුරු සහ උපකල්පන වළක්වා ගැනීම සඳහා 94 හැවිරිදි රැජින සහ 99 හැවිරිදි ආදිපාදවරයාට එන්නත් ලබා ගත් බව ප්‍රසිද්ධ කර තිබෙනවා.

72 හැවිරිදි චාල්ස් කුමරු පසුගිය මාර්තු මාසයේදී ආසාදිතයෙකු ලෙස වාර්තා වූ අතර විලියම් කුමරු ද මෙම වසර මුලදී ආසාදිතයෙකු ලෙස වාර්තා වුණා.

Your Comments