එබෝලා වෛරසයට එරෙහි නව ඖෂධ වල ඉහළ සාර්ථකත්වයක්

8

අප්‍රිකානු මහද්වීපය කේන්ද්‍ර කොටගෙන පැතිරී යන මාරාන්තික එබෝලා වෛරස් රෝගයට ප්‍රතිකාර ලෙස නිෂ්පාදනය කළ නව ඖෂධ දෙකක් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම ඖෂධ අත්හදා බැලීම සිදුකර ඇත්තේ පසුගිය වසරේ දීයි.
කොංගෝ ජනරජයේදි එම රෝගයෙන් පුද්ගලයන් 1800 දෙනෙකු මිය ගියා.
බෝ වන රෝග පිළිබඳ අමෙරිකානු ජාතික ආයතනය මගින් අනුමත කළ එම ඖෂධ සියයට 90ක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම එබෝලා රෝගයට එරෙහි සටනේ වැදගත් ඉදිරි පියවරක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

Your Comments