එන්නත් දෙකක් ඉදිරි සති දෙක තුළදී බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා

51

අමෙරිකා එක්සත් ජනපදය විසින් කොරෝනා සදහා නිපදවු එන්නත් දෙකක් ඉදිරි සති දෙක තුළදී බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා.

අමෙරිකානු මොඩර්නා එන්නත සහ ෆයිබර් බයෝ එන්ටෙක් යන එන්නත් දෙක මේ වන විටත් සාර්ථක මට්ටමේ පවතින බවට තහවුරු වී අවසන්.

මොඩර්නා එන්නත මේ වන විට අමෙරිකානු සහ යුරෝපීය ඖෂධ නියාමනයේ අනුමැතිය සදහා ද යොමු කර තිබෙනවා.

අදාළ එන්නත් දෙකෙන් මෙම වසර තුළදී මාත්‍රා මිලියන 40ක් නිෂ්පාදනය කිරීමට නියමිතයි.

මේ අතර කොවිඩ් මළ සිරුරු ගෙන යාම සඳහා නේපාලයේ ප්‍රථම වරට කාන්තා සොල්දාදුවන් එක් කර ගෙන තිබෙනවා.

කාන්තාවන් හට මළ සිරුරක් ස්පර්ශ කිරීමට පවා  නේපාලයේ සංස්කෘතික තහනමක්ව  පවතින පසු බිමක කොවිඩ්  මළ සිරුරු කළමනාකරණය සඳහා කාන්තා සොල්දාදුවන් යොදා ගැනෙනුයේ ප්‍රථම වතාවටයි.

ඒ අනුව ආරක්ෂිත ආම්පන්න සහිත කාන්තා සොල්දාදුවන් නේපාලයේ  ආදාහනාගාර වෙත  සිරුර  රැගෙන යාම  දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

Your Comments