එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී ට්‍රම්ප් ඉරානය දැඩි ලෙස චෝදනාවට ලක් කරයි

44

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ 73 වන මහ මණ්ඩල සැසිය අමතමින් ඉරානය දැඩි ලෙස චෝදනාවට ලක් කර තිබෙනවා.
මැද පෙරදිග, ව්‍යාකූලත්වයක් සහ විනාශයක් ඇති කිරීමට ඉරානය කටයුතු කරමින් ඇති බවටයි ඔහු චෝදනා එල්ල කර ඇත්තේ.
අමෙරිකාවෙන් ආධාර ලබා ගන්නා රටවලට සිය සහයෝගය ලබාදෙන බව ද ට්‍රම්ප් එහිදී කියා සිටියා.
කෙසේ වෙතත්, අමෙරිකාවට ගරුත්වය දක්වන සහ මිතුරු රාජ්‍යයන්ට පමණක් අදාළ විදේශීය ආධාර ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු මහා මණ්ඩල සැසියේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ

 

Your Comments