ට්‍රම්ප් ගේ උපදේශක කණ්ඩායම සෞදි අරාබිය බලා පිටත් වේ .
ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජරෙඩ් කුෂ්නර් සහ ඔහුගේ කණ්ඩායම මේ සතියේ සවුදි අරාබිය සහ කටාර් බලා පිටත්ව යෑමට නියමිත බව එක්සත් ජනපදයේ මාධ්‍ය වාර්තා කරයි.
ඒ අසල්වැසි ගල්ෆ් රටවල් අතර ආරවුල විසඳීම අරමුණු කරගත් සාකච්ඡා පැවැත්වීම සදහායි .
එහිදී කුෂ්නර්, සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් සෞදි නගරයක් වන නියෝම්හිදී හමුවීමට නියමිතයි.
.
එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මේ මස මුලදී ප්‍රකාශ කළේ ගල්ෆ් අර්බුදය විසඳීම පරිපාලනයට ප්‍රමුඛතාවයක් බවත් ජනවාරි මාසයේ ට්‍රම්ප් ධුරයෙන් ඉවත්වීමට පෙර එය සිදුවිය හැකි බවත් ය
Your Comments