එක්සත් ජනපදයේ සැන් ඩියාගෝ සත්වෝද්‍යානයේ ගෝරිල්ලන් හට කොවිඩ් 19 අසාදනය වෙයි

7

ඇමෙරිකාවේ සැන් ඩියාගෝ සත්වෝද්‍යානයේ ගොරිල්ලන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ධනාත්මක වී ඇතැයි සොයාගෙන තිබෙනවා .
පසුගිය සතියේ ගෝරිල්ලන් දෙදෙනෙකුට කැස්ස අසාදනය වී ඇතැම් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා .

මෙලෙස වෛරසය අසාදනය වී ඇති සැන් ඩියාගෝ සෆාරි උද්‍යානයේ ගෝරිල්ලන් බටහිර පහත්බිම් ගෝරිල්ලන් වන අතර, ඔවුන්ගේ ජනගහනය පසුගිය අවුරුදු 20 තුළ සියයට 60 කට වඩා අඩුවී ඇත්තේ දඩයම් කිරීම හා රෝග නිසා බවත් වාර්තා වනවා .

උද්‍යානයේ වෙසෙන ගෝරිල්ලන් අට දෙනෙකුට පමණ මේ වන විට වෛරසය අසාදනය වී ඇති බවට විශ්වාස කරන අතර කිහිප දෙනෙකු කැස්සෙන් පෙළෙන බවයි උද්‍යානයේ විධායක අධ්‍යක්ෂිකා ලීසා පීටර්සන් විදෙස් මාධ්‍යට පවසා සිටියේ .

මේ අතර මැලේසියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා .

රටේ මහජන සෞඛ්‍ය පද්ධතියට තර්ජනයක් වෙමින් කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමගින් රෝගීන් ඉහළ යාම මෙම තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

Your Comments