එංගලන්ත වැසියන්ට සතියකට දෙවරක් කොරෝනා පරීක්ෂණ

2

එංගලන්තයේ සෑම පුරවැසියෙකුටම සිකුරාදා සිට සතියකට දෙවරක් කොරෝනා වෛරස් පරීක්ෂණ නොමිලේ සිදු කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මිනිත්තු 30ක් වැනි කෙටි කාලයක් තුළදී ප්‍රතිඵල ලබා දෙන මෙම පරීක්ෂණ කට්ටල ඖෂධ අලෙවි සැල්, තැපැල් කාර්යාල සහ පරීක්ෂණ මධ්‍යස්ථානවලදී ලබා ගත හැකි බව එරට සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

මේ වන විටත් මෙම පරීක්ෂණ කට්ටල පාසල් දරුවන්ට ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

එරට රජයේ කොරෝනා මර්දන වැඩසටහනේ දිගුවක් ලෙස මෙය ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කලේ.

Your Comments