එංගලන්තයේ සංචරණ සීමා 12 වනදා සිට ලිහිල් වෙයි

1

එංගලන්තය තුළ ක්‍රියාත්මක සංචරණ සීමා එළඹෙන 12 වන දින සිට ලිහිල් කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කලා.

ඒ අනුව සාප්පු සංකීර්ණ, කාය වර්ධන මධ්‍යස්ථාන, රූපලාවන්‍යාගාර සහ අවන්හල් එදින සිට විවෘත කිරීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් පවතින කොරෝනා තත්වය පිළිබද සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසු වන බවයි එංගලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

සංචරණ සීමා ලිහිල් කිරීම සමග ඇති වන තත්වය පිළිබද සලකා බලමින් එම සීමා තව දුරටත් ලිහිල් කිරීම පිළිබද මැයි මස 17 වනදා තීරණය කරනු ඇති.

ඊට පෙර යළිත් ගුවන් සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු වි ඇති බව ද එංගලන්ත අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තව දුරටත් ප්‍රකාශ කලා.

Your Comments