ඊශ්‍රායලය යළි මහ මැතිවරණයකට සැරෙසෙයි

18

ඊශ්‍රායලය යළි මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වනවා.
ඒ, පසුගිය වසරේ අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවල පැවැත්වුණු මැතිවරණවලින් කිසිදු පක්ෂයක් පැහැදිළි ජයග්‍රහණයක් අත් කරගැනීමට අසමත්වීම හේතුවෙන්.
ලබන මාර්තු 2 වනදා පැවැත්වෙන එම මැතිවරණයේදී ද ශක්තිමත් රජයක් පිහිටුවීමට නොහැකිවුවහොත් මේ වසර තුළදී තවත් මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බව සඳහන්.
පසුගිය මැතිවරණ දෙකේදීම දක්ෂිණාංශික අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය බලය රැකගැනීමට සමත්වුණා.
කෙසේ වෙතතත් එම මැතිවරණයෙන් පසු අගමැති නෙතන්යාහුට එරෙහිව දූෂණ චෝදනා මත නඩු පවරනු ලැබූ අතර, එම නඩු විභාගය මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිතයි.

Your Comments