ඉරානයට නව සම්බාධක පනවන බව අමෙරිකානු ජනපති කියයි

51

ඉරානයට එරෙහිව නව ආර්ථික සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
ඒ, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉරානය ඊයේ එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම සම්බාධක පනවන බව අමෙරිකා ජනපතිවරයා සදහන් කළා.
ඉරාන සන්නද්ධ හමුදා ප්‍රධානී කසෙම් සොලයිමානී අමෙරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය කිරීමට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය ඉරානය විසින් ඊයේ දිනයේ දී එල්ල කර තිබුණා.
කෙසේ වෙතත්, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
ඉදිරියේ දී ඉරානයට එරෙහිව තවදුරටත් හමුදාමය ක්‍රියාමාර්ග ගන්නා බවට වන කිසිදු ප්‍රකාශයක් ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයේ දී අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර නැහැ.

Your Comments