ඉරාකයේ රූපවාහිනී නාලිකා 3කට ප්‍රහාරයක්

14

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි රූපවාහිනී නාලිකා තුනකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කළු ඇඳුමින් සැරසුණු මුහුණු ආවරණ පැළඳගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
ඔවුන් රූපවාහිනී නාලිකා වලට වෙඩි ප්‍රහාර එල්ල කර සන්නිවේදන උපකරණ වලට ද හානි සිදුකර ඇති අතර, එහිදී කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉරාකයේ විරෝධතා පැවැත්වෙන අතරතුර මෙවැනි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ගේ විශේෂ අවධානය යොමුව ඇති බව සඳහන්.

Your Comments