ඉරාකයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර මියගිය ගණන 60 දක්වා ඉහළට

11

ඉරාකයේ සංවිධාන කර ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පසුගිය පැය 24ක කාලය තුළ දී මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හදුනානොගත් ස්නයිපර් තුවක්කුකරුවන් විසින් විරෝධතාකරුවන් දෙදෙනෙකු සහ පොලිස් නිළදාරීන් දෙදෙනෙකු ද ඝාතනය කර ඇති බව සදහන්.

 

Your Comments