ඉම්රාන් ඛාන් පිළිගැනීමට ට්‍රම්ප් කිසිවෙකු නොයවයි – ඉම්රාන් ඛාන් දුම්රියෙන් තානාපති නිවසට යයි (PHOTOs)

1155

පකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකාවට පැමිණියා.

පුද්ගලික ගුවන් යානයක් වෙනුවට, වියදම් අඩු කිරීම් සඳහා වාණිජ ගුවන් යානාවකින් ඇමෙරිකාවට යාමට ඉම්රාන් ඛාන් තීරණය කර තිබුනා.

කෙසේ වෙතත් පකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා පිළි ගැනීමට නිල මට්ටමෙන් කිසිදු නිලධාරියෙකු යොමු කර නොමැති බවටයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් පරිපාලනයේ ඒකාධිපති බව මෙන්ම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ මංගල සංචාරය ගැන එතරම් තැකීමක් නොකරන බව ඉන් මනා ලෙස පෙන්වන බවයි විවිධ වාර්තා දක්වා ඇත්තේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ එක්සත් ජනපද චාරිකාව ඒ අනුව ‘නරක සටහනකින්’ ආරම්භ වුණා.

කටාර් ගුවන් සේවයේ යානාවකින් වොෂින්ටන් Dulles අන්තර්ජාතික ගුවන් තොටුපලට පා තැබූ පකිස්තානු අගමැතිවරයා පිළිගැනීමට පකිස්තානයේ ඇමරිකානු තානාපති Asad M Khan සහ පකිස්ථානයේ විදේශ අමාත්‍ය Shah Mahmood Qureshi පැමිණ සිටියා.

ඇතැම් වාර්තා දක්වා තිබුනේ පාකිස්තාන අගමැතිවරයා ගුවන්තොටුපළේ දී පිළිගැනීමට එක්සත් ජනපද කිසිඳු නිලධාරියෙකු පැමිණ නොසිටි බවක්.

කෙසේ වෙතත් වොෂින්ටන් DC හි පකිස්තානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයකින් දක්වා තිබුනේ අගමැතිවරයා පිළිගනීමට ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද එක්ව සිටි බවක්.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇතැම් පිරිස් දක්වා ඇත්තේ එය අසත්‍ය බවයි.

ඇමෙරිකානු රජයේ නිසි පිළිගැනීම නොවූයෙන් පකිස්තානු අගමැතිවරයා නවතැන් ගනු ලබන්නේ තානාපතිවරයාගේ නිල නිවසේ බවයි වාර්තා වූයේ.

ඒ හෝටල් වියදම් ඉතිරිකර ගැනීමේ අදහසින්.

අගමැති ඉම්රාන් ඛාන් ට ගුවන් තොටුපලේ සිට තානාපති කාර්යාලය බලා පිටත්ව යාමට සිදු වූයේ ද දුම්රියකින්.

Your Comments