ඉපැරණි ත්‍රිමාන සිතියමක් ප්‍රංශයෙන්

48

වසර සිය ගණනක් පැරණි ලෝකඩ ත්‍රිමාණ සිතියමක් ප්‍රංශයේ මාලිගයක බදුනක තිබී සොයාගෙන තිබෙනවා.
මෙය ලෝකයේ පැරණිතම ත්‍රිමාණ සිතියම විය හැකි බවයි පර්යේෂකයින් විශ්වාස කරන්නේ.

බටහිර බි්‍රතාන්‍යයේ ප්‍රදේශයක් නිරූපනය කර ඇති මෙම ත්‍රිමාන සිතියමේ දිග අඩි 5යි අගල් 6 ක් වනවා.

සිතියම නිර්මාණය කර ඇති ලෝකඩ පාෂාණ කැබැල්ල ක්‍රිස්තු පූර්ව 1900 ඈත අතීතයේ නිමවුවක් ලෙස සැලකෙන අතර ශතවර්ෂ ගණනාවක් එය විවිධ පාෂාණ ජීර්ණයන් වලට ලක් වී ඇති බව සඳහන්.

එය මේ දක්වා නොනැසි පැවතීම ලෝහයේ ශක්තිමත් භාවය මැනවින් ප්‍රදර්ශනය කරන සාධකයක් බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

Your Comments