ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ හටගත් කම්පනයකින් පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට

10

ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ මජීනේ නගරය අශ්‍රිතව හටගත් කම්පනයකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඒකක 6යි දශම 2ක ප්‍රබලතාවයකින් යුත් කම්පනය කිලෝ මීටර් 10ක් පමණ පොලොව අභ්‍යන්තරයේ හටගෙන ඇති බව එරට ආපදා කලමනාකරණ ආයතනය නිවේදනය කළා.

කම්පනය හේතුවෙන් 640කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
බටහිර සුලවේසි ආණ්ඩුකාර කාර්යාලය සහ නිවාස 60කට පමණ හානි ද සිදුව තිබෙනවා.

මජීනේ නගරාසන්න මමුජු ප්‍රදේශයේ ද පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.
පාලමකට හානි වීම හේතුවෙන් මමූජු වෙත පිවිසෙන මාර්ගයක් වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

අද අලුයම 1 ට පමණ භූ කම්පනය වාර්තාවීමත් සමඟ කලබලයට පත් ජනයා නිවෙස්වලින් ඉවතට පැමිණ ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් මතුව නොමැති බවයි ඉන්දුනීසියා වාර්තාවල දැක්වෙන්නේ.

පැය කිහිපයකට පෙර ද එකක 5 දශම 9 ක භූමිකම්පාවක් හේතුවෙන් සුලවේසි කලාපයේ නිවාස රැසකට බලපෑම් එල්ල වී තිබුනා.

Your Comments