ඉන්දුනීසියාවේ ජකර්තා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුට මරණ දඩුවම

27

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී 2016 වසරේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වූ එරට ස්ලාමීය පූජකවරයෙකුට මරණ දඩුවම නියම වී තිබෙනවා.
අමාන් අබුරහ්මන් නැමති අදාළ පුජකවරයා එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සැළසුම් කළ පුද්ගලයා බවට අනාවරණ වී තිබෙනවා.
අයි එස් ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් සිය ජීවිතය කැප කරන බවට ඔහු ප්‍රතිඥා දී ඇති බවත්, ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක අන්තවාදී ජිහාඞ් සංවිධානයක ආධ්‍යාත්මික නායකයා ලෙස ද පූජකවරයා කටයුතු කර ඇති බව සඳහන්.
2016 වසරේදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගිය අතර එය අයි.එස් ත්‍රස්තවාදීන් විසින් ඉන්දුනීසියාව තුළ එල්ල කළ පළමු ප්‍රහාරය බවටයි වාර්තා වුණේ.

Your Comments