ඉන්දුනිසියාවේ ලෙවෝටෝලොක් සක්‍රිය වෙයි

18

ඉන්දුනීසියාවේ ඉලේ ලෙවෝටෝලොක් ගිනි කන්ද සක්‍රිය විමෙන් ප්‍රදේශ ගණනාවක් දුමෙන් වැසී ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් දෛනික කටයුතු වලට බාධා මතුව ඇති බවයි ඉන්දුනීසියා බලධාරීන් සදහන් කළේ.

අඩි පන්දහසකට ආසන්න ඉහළට නැගි විෂ වායු සහ ලාවා ගලා යාම හේතුවෙන් දහස් ගණනක් ජනයා ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

මේ හේතුවෙන් ගිනි කන්ද ආශ්‍රිත ගංඟා ජලය භාවිත නොකරන්නැයි උපදෙස් ලබා දී ඇති බව සදහන්.

ජකර්තා නුවර සිට සැතපුම් 1600ක් පමණ නැගෙනහිරින් ලෙවෝටෝලොක් ගිනි කන්ද පිහිටා ඇති අතර අනෙකුත් රට වලට සාපේක්ෂව ගිනි කඳු 130කට වැඩි ප්‍රමාණයක් වසරකට සක්‍රිය වන බවයි වාර්තා වන්නේ.

Your Comments