ඉන්දුනිසියාවේ ජනපති ධුරය යළිත් හිටපු ජනපතිට

42

ඉන්දුනීසියාවේ ජනාධිපති ලෙස හිටපු ජනාධිපති ජොකෝ විඩෝඩෝ යළි තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අද දිනයේ නිකුත් වීමත් සමඟයි ඔහු මෙලෙස යළි ජනාධිපති ලෙස තේරී පත්වී ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ප්‍රතිඵල අද දිනයේ නිකුත් වීමට නියමිතව තිබීම හේතුවෙන් රට තුළ කලහකාරී තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩ ද පැවති බවයි.
ඒ හේතුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර විශේෂ ආරක්ෂාවක් ද යොදවා ඇති බව සදහන්.

Your Comments