ඉන්දීය හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත වෙයි

70

ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වන අතල් බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඉන්දීය පුවත් සේවා වාර්තා කරන්නේ මියයන විට 93 වන වියේ පසු වූ හිටපු අගමැතිවරයාට වයසත් සමග ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි.
වජ්පායි  බී.ජේ.පී. පක්ෂයේ නිර්මාතෘවරයෙක් ලෙසටද සැලකෙනවා. ඔහු 1996 වසරේ සිට 2004 දක්වා අවස්ථා තුනකදී ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්ව තිබෙනවා.
ගෝලීය න්‍යෂ්ඨික බලශක්තිය ඉන්දියාවට හඳුන්වා දුන් පුද්ගලයා ලෙසටද වජ්පායි සැලකෙනවා.

 

Your Comments