ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද

11

කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද ආරම්භ වුණා.

මිලියන 700 කට වැඩි ඡන්ද දායකයින් පිරිසක් මෙවර බිහාර් ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආසන 243 ක් සඳහා නව ප්‍රධාන පක්ෂ 11 ක් සහ ප්‍රාන්ත පක්ෂ 20 කට වැඩි සංඛ්‍යාවක් මැතිවරණය සඳහා ඉදිරිපත්ව තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා මැතිවරණ අවසන් සතියේ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූ බව සඳහන්.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භයේ දී අන්තර් ජාලය හරහා රැස්වීම් සහ දේශන පැවතියත් අවසන් සතියේ නිරෝධායන නීති උල්ලංගනය කරමින් ප්‍රචාරණ කටයුතු පැවති බවයි විදෙම් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් දැඩි කණස්සල්ලෙන් පසුවන අතර කොරෝනා ව්‍යසනය උග්‍ර අතට පත්වීමේ අනතුර සම්බන්ධයෙන් ඔවුන් දේශපාලනඥයින්ට චෝදනා එල්ල කර තිබෙනවා.

කොරෝනා ව්‍යසනය හමුවේ ලොව රටවල් 60 ක අධික සංඛ්‍යාවක් සිය මැතිවරණ පැවැත්වීම කල් දැමීමට කටයුතු කර ඇති අවස්ථාවක ඉන්දියාව මෙම ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

 

Your Comments