ඉන්දියාවේ බස් රථ අනතුරකින් 29 දෙනෙකු මරුට

12

ඉන්දියාවේ යමුනා අධිවේගී මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
බස්රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් ගැඹුරු කානුවකට වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
බස්රථය ලක්නව් සිට නවදිල්ලිය දක්වා ගමන්කර ඇති අතර රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.
බස්රථයේ ගමන්කළ තවත් මගීන් 20 දෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා.

Your Comments