ඉන්දියාවේ පිපිරීමක් – 5 ක් මරුට

7

ඉන්දියාවේ කර්නාටක සිවමෝගා ප්‍රදේශයේදී ඩයනමයිට් සහිත ට්‍රක් රථයක් පුපුරායාමෙන් පස්දෙනෙකු මියගොස් තිබෙනවා.

 

ගල් පිපිරවීම සඳහා ඩයිනමයිට් තොගය ප්‍රවාහනය කරමින් තිබියදී මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්.

ඉන් අසළ පිහිටි නිවාස කිහිපයකටද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Your Comments