ඉන්දියාවේ ප්‍රාන්ත 4ක මැතිවරණය අද

7

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල මෙන්ම පුදුචෙරි විශේෂිත ප්‍රදේශයේ මැතිවරණ අද පැවැත්වෙනවා.

ඊට අමතරව ඊසානදිග ඉන්දියාවේ බටහිර බෙංගාල සහ ඇසැම් ප්‍රාන්තවල මැතිවරණ ද අද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, තමිල්නාඩුවේ කන්‍යාකුමාරි සහ කේරළයේ මල්ලප්පුරම් ලෝක් සභා ආසන සඳහා මැතිවරණ අද පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කලා.

කේරළයේ දෙකෝටි 74 ලක්ෂයක් ඡන්දදායකයන්, අපේක්ෂකයන් 957 දෙනෙකු අතරින් ආසන 140කින් යුත් ප්‍රාන්ත සභාව සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට නියමිතයි.

අසල්වැසි තමිල්නාඩුවේ අද පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. – භාරතීය ජනතා පක්ෂ සන්ධානයට එරෙහිව ඩී.එම්.කේ. සහ කොංග්‍රස් සන්ධානය ප්‍රබල සටනක නිරත වනු ඇති.

Your Comments